ගරු සභාපති තුමාගේ පණිවුඩය…

 

2018 වර්ෂයේ මාර්තු මස 09 වන දින කළුතර ප්‍රාදේශීය සභාවේ හයවන සභාපති වරයා ලෙස පත්වූ මා ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් නිකුත් කරනුයේත් හද පිරි සතුටිනි.

සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවයන් මෙන්ම සමාජ සබඳතා ශක්තිමත් කරන ප්‍රධාන සාධකයක් බවට පරිවර්තනය වී ඇත. වර්තමාන ලෝකය ගෝලීයකරණය මගින් විවිධ ආයතන අතර හා පුද්ගලයන් අතර තොරතුරු හුවමාරුවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරලීම වෙබ් අඩවිය මගින් සිදු කරනු ලබයි. ඒ සඳහා අනුගත වීමට කළුතර ප්‍රාදේශීය සභාවට හැකිවීම අප ලද භාග්‍යයකි.

1987 අංක. 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් ප්‍රාදේශීය සභා වෙත පැවරී ඇති කාර්ය කර්තව්‍ය වන  මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා, පොදු මංමාවත් සහ ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරනය, පහසුව හා සුභසාධනය ඇතුළු සියළු පහසුකම් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමෙහි  ලා කළුතර ප්‍රාදේශීය සභාව විසින් සපයනු ලබන සේවාවන්  පිළිබඳ ව  මහ ජනතාව දැනුවත් කරලීමට අප ආයතනයේ මෙම වෙබ් අඩවිය මහඟු ලෙස උපකාරි වෙතැයි බලාපොරොත්තු වෙමි.

එමෙන් ම කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ජීවත් වන මහජනතාවගේ අවශ්‍යතායන්  උපරිම කාර්යක්ෂම ලෙසින් හා පහසුවෙන් සම්පූර්ණ කර ලීමට හා සභාව වෙත පැවරී ඇති වගකීම් වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීමට  කළුතර ප්‍රාදේශීය සභාවේ මෙම නිල වෙබ් අඩවිය හරහා  හැකි වන අතර , මෙම වෙබ් අඩවියට පිවිස ඔබගේ අවශ්‍යතාවයන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙස මෙම බල ප්‍රදේශයේ මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කරමි.

දේශකීර්ති සංජීව ආරියරත්න
සභාපති,
කළුතර ප්‍රාදේශීය සභාව.