ගරු ලේකම් තුමාගේ පණිවුඩය….
කළුතර ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය සඳහා පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මා සතුටට පත්වෙමි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිඝ්‍ර දියුණුව හේතුවෙන් නූතන මිනිසාට අද පරිගණකය සහ ජංගම දුරකථනය අත්හල නොහැකි , නැතිවම බැරි මෙවලමක් බවට පත්ව ඇත. එම ක්ෂේත්‍රයන් හි කැපී පෙනෙන වර්ධනය හේතුවෙන් අද සියල්ල පරිගණක තිරයට හෝ ජංගම දුරකථනයට ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වනවිට දියුණූ වූ සීග්‍ර සංවර්ධනය සඳහා සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් ලැබෙන දායකත්වය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක.
අභිනවයෙන් පත්වූ නව රජය ඩිජිටල් තාක්ෂණයට අදාල වෙනම ම අමාත්‍යංශයක් පිහිටුවා අදාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.ඊට සමගාමීව ප්‍රාදේශීය සභාව මගින් ද එම ක්ෂේත්‍රයන් හරහා මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම සුදුසු බව නිරීක්ෂණය කරමි.
එබැවින් ප්‍රාදේශීය සභාවේ තොරතුරු, සංවර්ධන ව්‍යාපෘති සහ අනෙකුත් ප්‍රජා සත්කාර සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර, වඩා ප්‍රශස්ථ කාර්යක්ෂම සේවාවන් මහජනතාවට ඉතා සමීපතම රාජ්‍ය ආයතනය ලෙස සැලකෙන ප්‍රාදේශීය සභාව තුලින් සැපයීම සඳහා සභාවේ වෙබ් අඩවිය මහෝපකාරී වන බව බලාපොරොත්තු වන අතර ආයතන මගින් සපයනු ලබන සේවාවන් වඩා ඵලදායී ලෙස මහජනතාව වෙත ලබා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරමි.
ඒ අනුව ප්‍රාදේශීය සභා වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත්, ඔබගේ අදහස් සහ යෝජනා ඒ තුලින් අප වෙත යොමු කර ප්‍රාදේශීය සභාවේ සේවාවන් වඩාත් ප්‍රශස්ථ ලෙස ලබා ගන්නා මෙන් කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාවට ආරාධනා කර සිටිමි.
ඊ.ඩී.දේවපුර,
ලේකම් හා
බලතල, කාර්යය, කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී,
කළුතර ප්‍රාදේශීය සභාව.
ප්‍රාදේශිය සභා සිතියම
සිතියම
සාදරයෙන් පිළිගනිමු
ඓතිහාසික හා භූගෝලීය වැදගත්කමක් ඇති වස්කඩුව ප්‍රදේශය අධිරාජ්‍ය වාදීන්ගේ නික්ම යාමෙන් පසු උදා වු 1948 – 1950 වකවානු වලදී ගමේ ප්‍රභූවරුන් විසින් ගම පාලනය ආරම්භ විය. එහිදී ගම්සභා දෙකකින් යුතුව තිබු අතර වෙන වෙනම සභාපතිවරු දෙදෙනෙකු මගින් වස්කඩුව පාලනය විය.
එනම්,
- කළුතර බද්ද ගම් සභාව සහ
- වාද්දුව – වස්කඩුව බද්ද ගම් සභාව ලෙසයි.
කළුතර බද්ද ගම් සභාවට කළුතර මැතිවරණ කොට්ඨාශයේ කළුතර නගර සභාව හැර ප්‍රධාන පාලමෙන් දකුණු පස ප්‍රදේශය අයත්ව තිබුණි.මෙහි සභිකවරුන් දස දෙනෙකු විය.අවසන් වරට සභාපති ධුරයට පත් වුයේ ඩී.ලුවිස් සිල්වා මැතිතුමාය.
පුවත්
සම්බන්ධවන්න
ලිපිනය
කළුතර ප්‍රාදේශිය සභාව
ගාලු පාර,
වස්කඩුව
Telephone
+94 034 222 7004
Fax
+94 034 2221787
Email
kalutaraps@gmail.com