ගරු ලේකම් තුමියගේ පණිවුඩය…

පළාත් පාලන ආයතනයන්හි වෙබ් අඩවි අතරට කළුතර ප්‍රාදේශීය සභාවට  එක්වීමට හැකිවීම අප ලද ජයග්‍රහනයක් වන අතර ඒ සඳහා පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මගින් සංවර්ධනය වූ රටවල් හි මෙන් ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට වුවද සිදුකළ හැකි මෙහවර කිසිසේත් ලඝු  කර දැක්විය නොහැක. එසේම නව මුහුණුවරකින් යුත් මාධ්‍ය සංස්කෘතියක්  නිර්මාණය කර ගැනීම පිණිස සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මගින් විශාල බලපෑමක් සිදු කළ හැකිය.

කළුතර ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සේවාවන්   පිළිබඳව මහජනතාව දැනුවත් කරලීමටත්, වඩාත් කාර්යක්ෂමව සේවාවන් ලබා ගැනීම ජනතාවට පහසු කරලීමටත් මෙම  වෙබ් අඩවිය  මහෝපකාරි වෙතැයි බලාපොරොත්තු වන අතර එමගින් අප ආයතනය විසින් සපයනු ලබන සේවාවන් වඩාත් ඵලදායි ලෙස බල ප්‍රදේශයේ මහ ජනතාවට ලබා දීමට අපේක්ෂා කරමි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා උපදෙස් ලබා දුන් කළුතර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සංජීව ආරියරත්න මැති තුමාටත්, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ මාගේ කාර්යමණ්ඩලයටත්, තාක්ෂණික සේවා සැපයු බස්නාහිර පළාත්  තොරතුරු තාක්ෂණ  සම්පත් සංවර්ධන අධිකාරියටත් මාගේ හද පිරි ස්තුතිය පුද කරන අතර, අපගේ වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් ඔබගේ අදහස්  හා යෝජනා යොමු කරන ලෙසත් කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහ ජනතාවට ආරාධනා කර සිටිමි.

ජේ.සී. පී. වීරසේකර,

ලේකම්,

කළුතර ප්‍රාදේශිය සභාව.