අනතුරුදායක ගස් ඉවත් කිරීම

    • අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අදාළ උප කාර්යාලයෙන් අයදුම්පතක් ලබා ‌ගෙන  සම්පූර්ණ කරන ලද අයදුම්පත කාර්යාලයට භාර දීම.
    • තාක්ෂණ නිළධාරී විසින් අදාළ ගස සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර වාර්තාව ලබා ‌ගැනීම.
    • එම වාර්තාව අනුව සිදු කළ යුතු ‌දේ පිළිබඳව ගස අයිතිකරුට  නිවේදන 02 කින් දැන්වීම.(1.පළමු ලියුම 2. අවසාන දැනුම්දීම)
    • අදාළ අයිතිකරු ගස ඉවත් කර නොගන්නේ නම් සභාව මැදිහත් වී ගස ඉවත් කිරීමට කටයුතු කිරීම.(තාක්ෂණ නිළධාරී වාර්තාව අනුව ගස ඉවත් කිරීමට අවශ්‍ය නම් පමණි.)
කාර්යයවගකීමකාලය
1අනතුරුදායක ගසක් ඉවත් කරන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ලබා දීම ඉල්ලුම්කරු
2ඒ අනුව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීමආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී දින 02
3පරීක්ෂාවෙන් පසුව වාර්තාවක් ලබා දීම ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී දින 02
4එම වාර්තා අනුව අදාල ගස ඉවත් කර ගන්නා ලෙස ගස අයිතිකරුට ලිඛිතව දන්වා සිටීමවිෂය කළමනාකරණ සහකාර දින 03
5ගස හිමිකරු වෙත දැනුම් දීමට කටයුතු නොකරන්නේ නම් සභාව විසින් අනතුරුදායක ගස ඉවත් කර වටිනාකම පැමිණිලිකරුගෙන් අයකර ගැනීමගරු සභපතිතුමා දින 02
6එසේ නොගෙවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කිරීමවිෂය කළමනාකරණ සහකාර