ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි ඉල්ලුම්පත්‍රයක් අනුමත කිරීමේ ක්‍රියා පටිපාටිය

කාර්යයවගකීමකාලය
1ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳ ආදායම් පරීක්ෂන වෙත යොමුකර ක්ෂේත්‍ර පරීක්ෂණයකින් සනාථ කර ගැනීමආදායම් පරීක්ෂනදින 01
2අදාල ගොඩනැගිල්ල වරිපනම් සීමාව තුළ පිහිටා තිබේ නම් හිඟ වරිපනම් ඇත්නම් අයකර ගැනීමවිෂය කළමනාකරණ සහකාර
3තාක්ෂණ නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමතාක්ෂණ නිලධාරීදින 02
4සැලසුම් නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමසැලසුම් නිලධාරීදින 01
5අයඳුම්පතේ සියලු අවශ්‍යතාවයන් සපුරා ඇත්නම් හා අදාල නිලධාරීන්ගේ නිර්දේශ ලබා ඇත්නම් අයඳුම්පත්‍රය සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීමවිෂය කළමනාකරණ සහකාරදින 03
6සැලසුම් කමිටුව මඟින් අනුමත කළ පසු ඒ බව අදාල පුද්ගලයාට දැනුම් දීමවිෂය කළමනාකරණ සහකාර සති 01

පොදු කොන්දේසි

  1. ගොඩනැගිලි සැලැස්ම වර්ග අඩි 3000 ට වැඩි නම් වරලත් ඉංජිනේරුවරයෙකු හෝ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්සන් කල යුතුය.
  2. ගෘහස්ත , වාණිජ අනුව පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය. අදාළ ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයදුම්පත ‌ලේඛනගත කෙරේ.
  3. අදාල ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයදුම්පත ලේඛන ගත කෙරේ.
  4. ප්‍රාදේශීය සභාව මඟින් පනවා ඇති ගොඩනැගිලි සීමාවන් තුළ කිසිදු ඉදිකිරීමක් නොකළ යුතුය.